මුදල් ඇමතිතුමාගේ ගේ පැත්තෙන් පොඩි සිංදු කෑල්ලක් ඇහුණා. හිච්චි කොලුවත් කන් දීගෙන අහගෙන හිටියෙ...
"දෙන්නම් අද මම රට්ටුන්ට ..
හදනවා මංගල අය වැය..
ලස්සන වාක්‍ය පිරෙන්නට ..
වචනත් දානව ඇඬෙන්නට ..
(ටිකක් මදි පිරෙන්න දානවා)
බියර් වලින් බදු අඩු කරලා..
බැංකු වලට බද්දක් ගහලා..
ඉඩම් ටිකත් සුද්දට දීලා..
(අපෙ අයටත් ඉඩමක් දීලා)
නෑ නෑ.. අපේ අයට නෑ...
(අහ් .. නැද්ද?)
අළුතෙන් තව තව බදු ගහලා..
පිටරටකින් ණයකුත් ලැබිලා...
(ඔන්න ඔහෙ දෙකක්ම ඉල්ල ගන්නවා)
කාබන් බද්දයි, වැට් බද්දයි..
උප්පැන්නයි, මරණෙයි, මඟුලයි..
ණය ගෙව්වත් එයටත් බද්දයි..
හදනවා පදමට හැඳි ගාලා..
හැදුවේ අය වැය අපි මෙහෙමයි..
"නීල හරිත" යැයි නම තිබ්බයි...
රටේ සියල්ලම විකුණන් කයි..
කෙළ වෙන කොට අපි පැනලා යයි..
සා... රී....ගා......................
"ඔහ් පුතා මොනාද කන් දී ගෙන ඉන්නේ.." ඇමති තුමා දැකලා ඇහුවා..
"නෑ මම මේ සින්දුවක් ඇහිලා බැලුවා.. ලස්සන සින්දුව..."
"ආ... මම මේ මංගල අය වැය හැදුවා ... බලන් ගියාම මේක හරි සරල වැඩේ.. ඔහේ මොනවා හරි දාන එක තමයි.. බදු ටික ඇරෙන්න අනිත් ඒවා කරන්නේත් නෑනේ ගොඩක් වෙලාවට .. "
"දැන් ඇමතිතුමා .. මේ අය වැය ඔබ තුමා ඉදිරිපත් කලාට පස්සේ මිනිස්සු නිකන් මොන වගේ සින්දුවක් කියයිද?"
"ම්ම්.. මිනිස්සු කියයි... හොඳක් නෑ නරකකුත් නෑ .. මොකුත් නෑ මේ අය වැයේ.. හීන තිබුනට කෝටියක්.. මේකේ නෑ එක අබ මිටක් ... " ඇමතිතුමා එහෙම කිව්ව කියමුකෝ ඉතින්!

No comments:
Post a Comment