"කුරුමිණියෙක් .. කුරුමිණියෙක්... හයියූ .... මාර වැඩේ!"
"මොකද තුමෝ.. ඔබතුමත් කැරපොත්තන්ට කුරුමිණියන්ට බයද? ගෑණු ළමයෙක් වගේනේ!"
"බම්බුව!.. ඒ කෙහෙල්මලක් නෙමේ... මේ කුරුමිණියා අපිව ඉවර කරයි වගේ.. හිටං!"
"මොනවද තුමෝ කියන්නේ? මට නැහැ මොකවත් තේරෙන්නේ... "
"රුසියාවට යවපු තේ වගේක කුරුමිණියෙක් ඉඳලා... අන්න රුසියාව අපෙන් තේ ගන්න එක නවත්තනවලු !! වහාම අදාල නිළධාරීන්ට එන්ට කියනවා..."
ටිකකින්...
"ආ.. මේ ඇවිත් ඉන්නේ.. දැන් මොකද්ද තමුන්ලා මේකට ගත්ත ක්‍රියා මාර්ගේ.."
"ආ හරි සර්.. කුරුමිණියා බලලා එන්න අපි කට්ටියක් යවනවා.. එයාලා ගිහින් ආවම ඇමතිලා ටිකක් යනවා කිව්වා.. එයාලත් ආවම තව කට්ටියක් යනවා.. එයාලට පස්සේ තව කමිටුවක් යවනවා... එයාලට පස්සේ... "
"අයිසේ ...තමුන් හිතුවද මේක වන්දනා ගමනක් කියලා.. ඔය හැමෝම යන්නේ?"
"නෑ සර් ඉතින්.. කළාතුරකින් නේ මෙහෙම චාන්ස් එකක්.."
"චාන්ස්... නවත්ත ගන්නවා.. දැන් ඕකෙන් ප්‍රශ්නේ විසඳෙනවද?"
"නෑ ප්‍රශ්නේ විසඳෙන්නේ නෑ.. "
"එහෙනම් මොන එහෙකටද මේ යන්නේ..? ප්‍රශ්නේ විසඳන්න මොකද්ද කරන්නේ දැන්..?"
"මොනවා හරි කරනව කියලා පෙන්නනත් එපැයි සර්.. අපේ රටේ දැකලවත් නැති කුරුමිණියෙක් ඕකේ හිටියා කියන එකේ ප්‍රශ්නේ විසඳන්න එක ක්‍රමයයි තියෙන්නේ.. ඇස්බැස්ටොස් තහනම අයින් කරානම් ඉවරයි!"
"එහෙම කොහෙද ... පරිසරයට අහිතකර ඒවා.. ඒවා හරියන්නේ නෑ අපිත් එක්ක.."
"සර්.. සර් .. කෝල් එකක්.."
"පේන්නේ නැද්ද .. මම වැඩක් කියනවා.."
"සර් .. කවුරු හරි ලොක්කෙක් වගේ..."
"මට වඩා ලොක්ක කවුද.. දෙනවා බලන්න මෙහෙට.. හලෝ.. කවුද මේ.... ඈ.. කියනවා අයිසේ.. මොකක්.. පුටින්? පුටින් බැරිනම් මැටීන් උනත් .. ඔහ්.. පුටින් .. යියස් සර්.. නෝ සර්.. ඇස්බැස්ටොස් සර්.. යෙස් සර්.. කුරුමිණියා සර්.. ඕකේ සර්... ඔකේ.. බායි.. බායි..."
"මොකද සර්.."
"පුටින් .. පුටින්... මේ කැබිනට් එකට කියනවා ඇස්බැස්ටොස් තහනම ලිහිල් කරන්න කියලා... "
"එතකොට සර් පරිසරේ..."
"පරිසරේ .. පරිසර ඇමති බලා ගනී.. තමුන් තමුන්ගේ වැඩේ කරනවා... "
"හහ් හහ්.. හහ්.. හහ්.. ඉතින් ඔයැයි නේ පරිසර ඇමති... මෙයාට ඒක මතකත් නෑ.. දැන් ඔයාලා ජාත්‍යන්තරේ එහෙම ජය ගත්තැයි කිව්වා නේද? කෝ වැඩ.. " හිටපු එතුමා ඇවිත්...
"අනේ මේ.. අපේ වැඩ බලන්න කලින් ගිහින් ඔබතුමාගේ ගෝල බාලයන්ට කියන්න අර නාම යෝජනා කොළ ටික හරියට පුරවල බාර දෙන්න කියලා.. අත්සන් නෑ.. අත්සන් තියෙනවා නම් නෑ.. එකක් කපල තව එකක් ලියලා.. ඒක උඩ ටිපේක්ස් උලලා.. පොඩි උන් චිත්‍ර ඇඳලා වගේ.. හරියට කොලේ බලල අත්සනක් ගහ ගන්න බෑ.. ඒකට මොකෝ ගම හදන්න රට හදන්න කතාව... "
හිටපු එතුමා ආපු වේගෙට අපහු ගියා.. එතුමා බැන බැන ගෙට ගියා...
සැ. යු: මෙය මාලදිවයිනේ සිදු වූ කතා බහක් බව කරුණාවෙන් සලකන්න..

No comments:
Post a Comment