ඔන්න එකෝමත් එක රටක කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඇතුලේ කතා බහක්..
"සර්.. සර්.. මාධ්‍යකින් කෝල් එකක්.."
"ආ.. කෝ.. හලෝ.. ආ .. ඔව් ඔව් .. කුණාටුවක්? හුළඟක්? මොන? විකාරද.. ඕවා බොරු කතා.. මොන හුළඟක්වත් නෑ හලෝ.. හරි.. හරි .. ආවොත් කියන්නම්.."
"සර්.. සර්.. එළියේ පුදුම හුළඟක් යනවා සර්.. ඒකනම් මාර සැරයි.."
"මළා.. ඉක්මනට මාධ්‍යට කියන්න ඕන. හලෝ.. ආ.. ඔව් ඔව්.. හුළඟක්.. ඔව් ඔව් ලොකු එකක්.. මොකක්ද? ආ.. වේගේ? ආ වේගේ...... ම්ම් පොඩ්ඩක් ඉන්න.. මේ ළමයා.. වේගේ බලන් එනවා ඉක්මනට..."
ටිකකින්..
"සර් .. වේගේ බලන්න බෑ සර්.. වේග මානේ ගහගෙන ගිහින්.."
"අප්පා.. හරි.. හලෝ.. හලෝ.. ආ ඔව් ඔව්.. මේ වේගේ කොහොමත් 80 ක් වගේ? ඔව්.. ඒ ගාන කියන්න.. හරි හරි.."
ටිකකින්..
"ළමයා.. ළමයා.. මොකෝ මේ ඇතුල තෙමෙන්නේ.. "
"සර්.. වහළේ කෑලි හුළඟට ගහගෙන ගිහින්.. සර් ලොකු වැස්සක් වගේ... "
"අප්පා .. වහිනවද ඒ පාර? ඉක්මනට මාධ්‍ය නිවේධනේ ලෑස්ති කරන්න... කෝ බලන්න.. වැහි වළාකුල ගොඩක් කළුයි නේ.. මිලිමීටර 100 ක් වහිනව කියමු.. නෑ.. එක්කො 150 ක් ම කියමු!"
"සර් වැස්ස ගහගෙන යනවා වගේ.. "
"අප්පා එහෙමද.. එහෙනම් මෙන්න මේ නිවේදනේ ලියා ගන්නවා.. මේක ඔක්කොම මීඩියා වලට යවනවා..."
--------------------
ඊට සුළු වේලාවකට පසු රූපවාහිනියෙන්...
"මෙන්න නවතම කාළගුණ අනාවැකිය. ඉදිරි පැය 24 තුළ උදේට හරි, හවසට හරි, දවල්ට හරි, රෑට හරි.. හෙමිහිට හරි.. හයියෙන් හරි.. 100 ක් හරි, 50ක් හරි, 150 ක් හරි, බස්නාහිරට හරි, දකුණට හරි, උතුරට හරි, ඌවට හරි, නැගෙනහිරට හරි කොහෙට හරි, වැසි ඇතුව හරි, නැතුව හරි තියෙනවා ඇත. මේ අතර හයියෙන් හරි හෙමීට හරි හුළං ඇතුව හරි, හුළං නැතුව හරි පවතිනවා ඇත. අකුණු මගින් සිදුවෙන අකුණු අනතුරු වලින් ප්‍රවේශම් වන්න. ස්තුතියි!"
"මොකක්ද ඒ කිව්වේ.. දැන් වහිනවද නැද්ද? මොකක්ද ඒ අපභ්‍රංශේ?"
----------------------------
මේ අතර රජයේ කාර්‍යාලයක් ඇතුලේ...
"ලේකම් තුමා .. ආයේ ගං වතුරක් නේද?"
"ඔව් ඇමතිතුමා... "
"මරු ඕයි මේක.. හැම මාසේම මෙහෙම එකක් වෙනවනම් අපේ කල්ල මරේ! මේ පාර ඒන සල්ලි ටික ... දන්නවනේ ඉතින් කියන්න දෙයක් නෑනේ!"
-----------------------------
ගං වතුරට අහුවෙච්ච කෙනෙක්...
"බලන්න දැන් මේක වෙලා දවස් දෙකක්.. තාම අඩු ගානේ වතුර උගුරක් දෙන්න ඔය නිළධාරියෙක් ආවේ නෑ!"
------------------------------
"අපි ඉන්නේ 2017. තාම තියෙන්නේ යල් පැන ගිය තාක්ෂණය. පරිසරය ගැන තැකීමක් නෑ. තිරසාර සංවර්ධනය නිකන්ම නිකම් බෝඩ් ලෑල්ලක්.. හැමදාම එකම කතාව. දැන් දැන් අවුරුද්දකට තුන් හතර සැරයක්. හයියෙන් වැස්සොත් ගං වතුර. පොඩ්ඩක් පෑව්වොත් නියඟේ.. නිතර නිතර වෙලත් තාම කිසිම විධිමත් ක්‍රමවේදයක් නෑ.. අඩු ගානේ අනතුරක් අඟවන්න.. මොනවද අප්ප මේ ඇමතිලා, අමාත්‍යංශ, රාජ්‍ය නිළධාරීන්, ආයතන එහෙම කොරන්නේ?" කියලා කවුරු හරි ඇහුවොත් ඒ රටේ මිනිස්සුන්ට වස ලැජ්ජාව.. නේ..?

No comments:
Post a Comment