Friday, January 5, 2018

යන්න ගියා මැකිලා


"උන් යන්න ගියා මැකිලා..... ඉහි ඉහි.. උන් යන්න ගියා මැකිලා...  ගී ගයමින් ඉඳ මා තුරුලේ.. උන් යන්න ගියා මැකිලා... ඉහි ඉහි.." පාර්ලිමේන්තුව ගාව බෝක්කුවක් උඩට වෙලා ඉකි ගහන්නේ කවුද කියලා බැලුවා..
"හප්පේ මේ වංශ අයියා නේ.. මොකෝ අප්ප මේ.. මොකෝ මේ බීලා වැඩි වෙලාද?"
"වැඩක් නෑ මල්ලි.. උන් ගියා.. තව යනවලු.. මං තනි වුනා මල්ලි... ඇරත් මුන් මගේ රෙදි ගලවනවනේ... "
"ගණං ගන්න එපා අයියේ .. ඕවා ඔහොම තමා.. මොකෝ ඕවා අයියට අළුත් දේවල්යැ.. අයියා කලේත් ඔය ටිකමනේ.."
"ඒ වුනාට මල්ලි.. එහම කොරන එක හරි නෑනේ.. දැන් පොළවේ පස් කන්න වෙලා තියෙන්නේ... රෙද්දක් ඇඳන් පාරේ බැහල යන්නේ කෝමද මල්ලි.. ඉහි ඉහි... "
"ඔහොම තමයි අයියේ... එළිපිට බැණ බැණ.. රහසේ එයාලගේ ප්‍රොජෙක්ට් කරනන් ගියාම ඔහොම දේවල් වෙනවා... ඩබල් ගේම් හැමදාම බෑනේ.."
"අනේ මගෙන් මොකුත් නාහා ඉඳහන් කොලුවෝ... ඉහි ඉහි.. අද තනියෙන් මා.. අඬන්නේ නෑ මා.. මා දමා උන් ගියා කියා... ඉහි ඉහි ඉහි...."
"අපිටත් දවසක හඳ පායනවා.. එදා අපිත් මල් පැණියෙන් නානවා... ලා.. ලා.. ලා..." 
"කවුද ඒ පාර.. ආහ් මේ වාශ් නේ.. "
"අඩේ වංශ අයියා.. මොකෝ මේ ගල් කණුවක් බදාගෙන ෆුල් අප්සට් මූඩ් එකේ.. ? "
"අන්තෝ ජටා .. බහි ජටා වාශ් .. ඇයි ආරංචි නැද්ද? ... අපි අමාරුවේ වැටුනම උඹලට හිනා.."
"ආරංචියි අයියා.. ආ ආරංචියි..! හිනා වුනා නෙමේ.. පරණ පිණක් මට හිසේ කඩාගෙන වැටුනා.. අහ් වැටුනා.."
"මොකක්..?"
"මං පහු ගිය කාලේ යටි මඩි ගහපුව ගැන ඇහුවා... මම කිව්ව මම දන්නේ නෑ කියලා.. එතකොට .. වත්කම් හෙළි කලේ නෑ කියලා රුපියල් 1000 ක් දඩ ගැහුවා මල්ලි.. වැඩේ ශේප්!.. අයියත් ඉතින් ඕවා ගොඩ දාගන්න විදිය නොදන්නවා නෙමේනේ.."
"දන්නවා දන්නවා... "
"වංශ අයියා නැගිට්ටේ යනන්ද?" හිච්චි කොලුවා ඇහුවා..
"නැතුව ඉතින් මෙතනට වෙලා හූල්ල හූල්ල හිටියා කියලා ලැබෙන දෙයක් නෑනේ.. කතාවක් හදා ගන්නත් ඕන මල්ලි.. ඡන්දෙත් එනවනේ.. මල්ලි ගෙදර අයට කියන්න 'මොට්ටුවට' ඡන්දේ දෙන්න කියලා... "
"වෙස් මූණු බැඳන් ආවට අපි නෑ රැවටෙන්නේ.. කියලා තමයි අයියා ඕවට කියන්න තියෙන්නේ.."  

No comments:

Post a Comment

කඩුව

"ක්‍රාස්.. ක්‍රාස්.. කරාස්... කරාස්.. කෲස්... කෲස්...." එතුමාගේ ගෙවල් පැත්තෙන් යනකොට මොකක්දෝ සද්දයක් ඇහෙනව. ටිකක් අමුතු ස...